o දානමානවල උසස්ම තත්වය පරිත්‍යාගශීලීභාවයයි.
o අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු චේතනාවෙන් කායික වශයෙන් හෝ
ධන සම්පත්වලින් අනුන්ට පිහිට වීම හා ඉන් මුහුණ දීමට සිදු වන දුක් කරදර ඉවසා දරා
ගැනීම පරිත්‍යාගශීලීභාවයයි.
o ස්වකීය ඕනෑ එපාකම් පසෙකලා අනුන්ට පිහිට වීම පරිත්‍යාගශීලීභාවයයි.
o
සීමිත කෙටි
කාලයක් තුල ඉස්ලාමය ලොවේ නන් දෙස පැතිර යාමට නබි (සල්) තුමාගේ සහ එතුමාගේ
සහාභාවරුන්ගේ පරිත්‍යාගශීලීභාවය ප්‍රධාන හේතුවක් විය.
පරිත්‍යාගශීලීභාවය සඳහා නිදසුන් :
- සහාභාවරුන් ඉස්ලාමය පැතිර වීම සඳහා තම ගම් බිම්, ගෙවල් දොරවල් සියල්ල අතහැර දමා බොහෝ වධ හිංසාවලට ලක් වෙමින් හිජ්රත් කළහ.
- හිජ්රි 9 වැනි වර්ෂයේ අරාබියෙ දරුණු නියඟයක් හා දුර්භික්ෂයක් ඇති විය. එවිට රෝම අධිරාජ්‍යයා වූ හිර්කල් මුස්ලිම්වරුන්ට එරෙහිව යුධ ප්‍රකාශ කළේය. සාගතයෙන් පීඩාවට පත් වූ මුස්ලිම්වරුන්ට මෙය අසීරු තත්වයක් විය. මේ වන විට උස්මාන් (රළි) තුමා වෙළඳ කටයුතු සඳහා මදීනාවට පැමිණ සිටි අතර ඔහු තම වටිනා භාණ්ඩ සියල්ල මුස්ලිම්වරුන්ට පරිත්‍යාග කළේය.
- අබූබක්කර් (රළි) තුමා තබුක් සටන සඳහා තම සියලු වත්කම් නබි (සල්) තුමා අබියස ගෙනත් තැබූ විට, නබි (සල්) තුමා "ඔබ සිය පවුල වෙනුවෙන් කුමක් තබා පැමිණියේද?" යැයි විමසූ විට " අල්ලාහ් හා ඔහුගේ දූතයා තබා පැමිණියෙමි" යැයි අබූබක්කර් (රළි) තුමා පැවසූහ. (අබූ දාවුද්)
- දිනක් නබි (සල්) තුමා වෙත ආගන්තුකයෙකු පැමිණි කළ, යමක් කෑමට ඇත් දැයි විමසීය. එවිට නබි(සල්) තුමා තම බිරින්දෑවරුන්ගෙන් ඇසූ විට ඔවුන් සියල්ලන්ගේම පිළිතුර වුයේ පානයට ජලය හැර අන් කිසිවක් නොමැති බවයි. පසුව සහාභාවරුන්ගෙන් විමසූ විට එක් සහාභිවරයෙක් ඉදිරිපත් වී ආගන්තුකයා තම නිවසේ රාත්‍රී ආහාරය සඳහා කැටුව ගියේය. නමුත් නිවසේ සිටි බිරිඳගේ පිළිතුර වුයේ තම දරුවන්ට පමණක් ආහාර ස්වල්පයක් ඇති බවයි. එම උතුම් යුවළ තම දරුවන් නින්දට යවා පහන නිවා දමා ආගන්තුකයා සමඟ ආහාර අනුභව කරන මෙන් ඇඟවූවෝය. නමුත් එම යුවළ හා දරුවන් රාත්‍රිය ගත කළේ කුසගින්නේය. පසුදින නබි තුමාණන් හමු වීමට පැමිණි මෙම සහාබිවරයාට අසන්නට ලැබුනේ අල්ලාහ් තමන්ගේ ක්‍රියාව අගය කර කුර්ආන් වැකියක් පහළ කළ බවයි.
"ඔවුනට දිළිඳුකම හා කුසගින්න තිබූ නමුත් මොවුහූ තම යහපතට වඩා අනුන්ගේ යහපත තකා උනන්දු වෙති." (59:9)
- ඉබ්රාහීම් (අලෛ)ගේ ජීවිතයද පරිත්‍යාගශීලීභාවයට කදිම නිදසුනකි.
Advertisement
No comments:
Post a Comment