Showing posts with label Sinhala Medium. Show all posts
Showing posts with label Sinhala Medium. Show all posts

Sunday, November 15, 2020

නිරයට මඟ පාදන උඩඟුකම


"මෙයට පසුද නුඹලාගේ හදවත් ගල් පර්වත මෙන් නැතිනම් එයටත් වඩා දැඩිව ඝන විය. මක්නිසාද යත් නියතව සමහර ගල් පර්වතවලින් ගංගා උතුරා ගලයි. තවද නියතව ඒවායෙහි සමහරක් පැලී යාම හේතුවෙන් ජලය පිටවීම් ද ඇත. අල්ලාහ්ට ඇති බියෙන් පෙරලී වැටෙන ගල් පරද නියතව ඒවායෙහි ඇත. නුඹලා කරන දෑ ගැන අල්ලාහ් සැලකිලිමත් නොවන්නෙකු නොවේ" (අල්කුරානය 2: 74).

Sunday, November 8, 2020

නබි ඉබ්‍රාහිම් (අලෛ) තුමා සහ හජ් වන්දනාව

නබි ඉබ්‍රාහිම් (අලෛ) තුමාගේ ජීවිතයේ සිදුවූ බොහෝ දේවල් හජ් වන්දනය තුල දැකිය හැකිය. එම නිසා හජ් වන්දනයටත් ඉබ්‍රාහිම් නබිතුමාටත් අතර විශාල සම්බන්දතාවයක් තිබේ. තවද හජ් වන්දනය ඉස්ලාම් දහමේ අනිවාර්ය කරුණු පහෙන් එකක් වන්නේය. එය ඉටු කල යුතු කාලය සහ ස්ථානය අල්ලාහ් විසින් නියම කොට තිබේ. ඒ අනුව හජ් ඉටු කිරීම සඳහා හැකියාව තිබෙන සෑම මුස්ලිම් වරයෙකුම තම ජිවිත කාලය තුලදී අවම තරමින් එක් වතාවක් හෝ මක්කාවට ගොස් හජ් වන්දනය ඉටු කල යුතු ය.

Saturday, May 23, 2020

ඊද් සලාතය නිවසේදී ඉටු කරමු.


ඊදුල් ෆිත්ර් සලාතය නිවසේදී ඉටු කරන ආකාරය :

මඟ පෙන්වීම - ජමියතුල් උලමා සභාව

Tuesday, May 12, 2020

සකාතුල් ෆිත්රා පිළිබඳ ඔබ දැනුවත්ද?


උපවාසයේ පරිපූර්ණත්වය සදහා සකාත්හි අවශ්‍යතාවය

ඉස්ලාමීය රමළාන් මාසය තුළ උපවාසයේ සිටීමේ වැදගත්කම පිළිබඳ බොහෝ ලිපීන් හා ජාතික පුවත්පත්වල විශේෂාංග හෝ ආගමික තීරුවල සටහන් වී ඇතත්, උපවාසයේ අත්‍යවශ්‍ය අංගයක් වන සකාතුල් ෆිත්රා අංගය දීර්ඝ වශයෙන් සාකච්ඡා නොකෙරේ. ඇත්ත වශයෙන්ම, මෙම අත්‍යවශ්‍ය පුණ්‍ය කර්මය නිසියාකාරව ඉටු වූ විට උපවාසයේ සිටීම පරිපූර්ණ වේ. ඉස්ලාම් ආගම සෑම විටම ආර්ථිකය ඇතුළුව මිනිස් ජීවිතයේ සෑම අංශයක් ගැනම දැඩි උනන්දුවක් දක්වන බැවින් , මෙම ශුද්ධ වූ රමළාන් මාසයේ දී මෙම සදකතුල් ෆිත්රා ලබා දීමේ වැදගත්කම දැන ගැනීම යෝග්‍ය වේ. දෙවනුව, අද වන විට ලොව පුරා සහ විශේෂයෙන් දකුණු ආසියාව පුරා අහස උසට නැඟී ඇති ජීවන වියදම හේතුවෙන් දුප්පතාට සහනයක් වීම සදහා මෙම අත්‍යවශ්‍ය දානය නිවැරදි ආකාරයෙන් ලබා දීමට ඉස්ලාම් බල කරයි.

Saturday, May 9, 2020

මාලික් බින් දීනාර් සහ සොරා

වටිනා භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් කොල්ලකරුවෙක් එක් රාත්‍රියක මාලික් බින් දීනාර්ගේ නිවසේ තාප්පයෙන් පැන පහසුවෙන් නිවස තුළට යාමට සමත් විය. නිවස තුළට ගිය පසු සොරකම් කිරීමට තරම් වටිනා කිසිවක් දැක ගැනීමට නොමැති වීමන් සොරා කලකිරීමට පත් විය. එම අවස්තාවේදී මාලික් බින් දීනාර් සලාතයේ නියැලෙමින් සිටියේය. කාමරයේ තමා තනිව නොසිටි බව වටහාගත් ඔහු ඉක්මනින් යාච්ඤාව අවසන් කර පසුපස හැරුණේය. 

Saturday, May 2, 2020

නිරෝධායනය සහ අලි ඉබ්නු සීනා






පර්සියානු වෛද්‍ය විශාරද ඉබ්නු සීනා (980-1037) සමහර රෝග ක්ෂුද්‍ර ජීවීන් විසින් පැතිර ඇති බවට සැක කළ බව ඔබ දැන සිටියාද?

Monday, April 20, 2020

කදීජා (රලි) තුමිය

පියා : කුවෙයිලිද් බින් අසද්
මව : ෆාතිමා බින්ත් සායිදා
උපන් වසර : ක්‍රි. ව. 556
සහෝදරියන් : හාලා බින්ත් කුවෙයිලිද්, රුකෙයියා බින්ත් කුවෙයිලිද්

Wednesday, April 15, 2020

ඉස්ලාමය හා ශ්‍රී ලංකාව II

ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය 


ක්‍රි.ව. 9 වන හා 10 වන සියවස් වල එනම් අබ්බාසීය පාලන සමයේ ස්වර්ණමය යුගයේ ලංකාවේ විසූ මුස්ලිම්වරුන්ට ඉස්ලාමය ඉගැන්වීම සඳහා කාලිද් ඉබ්නු බකායා නැමැත්තා මෙරටට පැමිණියේ ය. ඉස්ලාමය ලංකාවේ පැතිරවීම සඳහා ගත් ප්‍රථම නිල  ප්‍රයත්නය ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහි පදිංචිව ඉස්ලාමය ඉගැන්වූ ඔහු ක්‍රි. ව. 950 දි මියැදුණු බවත් තවමත් දක්නට ලැබෙන ඔහුගේ සොහොන් කොත මේ සඳහා සාක්ෂ්‍යක් ලෙස සලකනු ලැබේ. ඒ සමයේ ගම්පොළ, ගලගෙදර, සබරගමුව යන පෙදෙස් වලින් හමු වූ අබ්බාසීය හා උමෙයියා කාසි වලින් එකල වූ මුස්ලිම්වරුන්ගේ ව්‍යාප්තිය හා අරාබිය සමග වූ සම්බන්ධතාව පැහැදිලි වේ.

Monday, April 13, 2020

ඉස්ලාමය හා ශ්‍රී ලංකාව - I


හැඳින්වීම


වෙළඳාම වෙනුවෙන් ප්‍රකට සේද මාවතේ පිහිටි ශ්‍රී ලංකාව අරාබියේ සිට පෙරදිගට ගමන් කිරීමේදී මූලික මධ්‍යස්ථානයක් විය. ස්වභාවික පිහිටි වරාය ස්වභාවික සම්පත් වලින් අනූන භූමිය ලංකාව කෙරෙහි අවධානය යොමු වීමට තවත් ප්‍රධාන හේතුවකි.

සමාව දීම හා ඉවසීම ප්‍රගුණ කරමු


මිනිසුන් වන අප සමූහයක් වශයෙන් ජීවත් වන විට විවිධ පුද්ගලයින් හමු වීමට සිදු වේ. එලෙසම අපගේ ජීවිතයේ නොයෙකුත් සිදුවීම්වලටද මුහුණ දීමට සිදු වේ. විවිධ වැරදි ක්‍රියාවන් අප සිදු කරන්නා සේම අපටද විවිධ අසාධාරණකම්වලට ගොඳුරු වීමට සිදු වේ. එමඟින් අපට භෞතික අලාභයන් මෙන්ම සිත් තැවුලටද පත් වීමට සිදු වේ. මෙමඟින් අපගේ බැඳීම් පවා නැති වන්නේය. මෙවැනි අවස්ථාවන්වලදී කෙසේ කටයුතු කළ යුතුද යන්න ෂරීආව අපට පැහැදිලි කර දෙන්නේය.

Friday, April 10, 2020

පොරොන්දු රැක ගනිමු



පොරොන්දු රැක ගැනීම මුස්ලිම්වරයෙකු සතු විය යුතු අනිවාර්‍ය ගුණාංගයක් සේම සෑම අවස්තාවකදීම පොරොන්දු රැකීමෙහි ලා ස්ථීරව සිටිය යුතු බව ඉස්ලාම් අවධාරණය කරයි.

පොරොන්දු රැකීම මඟින් ඊමානයද පරිපූර්ණ වන්නේය.

විශ්වාසවන්තයිනි, පොරොන්දු ඉටු කරන්න.(05:01) යනුවෙන් අල්ලාහ් අල් කුර්ආනයේ අණ කර සිටින්නේය.

කාලය අර්ථවත්ව යොදා ගනිමු.


ඉස්ලාම් කාලයේ වැදගත්කම මැනවින් පෙන්වා දෙන ආගමයි. අල්කුර්ආනය හා සුන්නහ්ව නොයෙක් ආකාරයෙන්  නොයෙක් අවස්ථාවන්වල දී කාලයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර ඇත.

අල්කුරආනයේ සූරා අසර් හී අල්ලාහ් කාලය මත දිව්රමින් කාලයේ වැදගත්කම අවධාරණය කරයි.

උහද් සටන

උහද් සටන හි.ව. 3හි ෂව්වාල් මස 15වන දින සිදුවිය. බද්ර් සටනින් ඇති වු දැවැන්ත පරාජයත් සමඟ කුරෛෂිවරු මදීනාවට ගොස් නබි (සල්) තුමාණන් හා යුධ වැදීමට තීර්ණය කළහ. ඔවුහු තමන්ට හිතවත් පිරිස 3000ක් පමණ රැස් කර ගෙන මදීනාව කරා ගියහ. එහි යුධ ඇඳුම් වලින් සන්නද්ධ භටයින් 700ක්ද, අශ්වාරෝහකයන් 200ක් හා කාන්තාවන් 17 දෙනෙකු සිටියහ. මෙම කාන්තා කණ්ඩායමෙහි අබුසුෆ්යන්ගේ බිරිඳ හින්දා ද සිටියාය. ඇගේ පියා බද්ර් යුද්ධයේදී මරුමුවට පත් කරන ලදී. කුරෛෂි හමුදාව මදීනාවට බටහිරින් සැතැපුම් 2ක දුරින් පිහිටි උහද් කන්දට ඉදිරිපසින් වු මිටියාවතේ රැස් වූහ.

බද්ර් යුද්ධය


මෙය හි.ව.02 රමළාන් මස 17 වන දින සිදු වුවකි. ෂාම් දේශයේ සිට මක්කාව දක්වා යන කුරෛෂිවරුන්ගේ වෙළෙඳ කණ්ඩායමට මඟ අහුරන මෙන් නබි (සල්) තුමාණන් සහාබාවරුන්ට නියෝග කළේය. මෙයට හේතුව කුරෛෂිවරුන්ගේ සිත් තුළ මුස්ලිම් වරුන්ගේ බලය පිලිබඳ බියක් ඇති කල යුතු නිසාය. නබි(සල්) තුමා කිසිවිටක ඔවුන් හා යුධ වැදීමට නොසිතුවේය. කෙසේ වෙතත් මුස්ලිම්වරුන්ට කුරෛෂි වෙළෙඳ කණ්ඩායම මඟ හැරිනි.

Thursday, April 9, 2020

පරිත්‍යාගශීලීභාවය


o   දානමානවල උසස්ම තත්වය පරිත්‍යාගශීලීභාවයයි.

o   අල්ලාහ් වෙනුවෙන් යන පිවිතුරු චේතනාවෙන් කායික වශයෙන් හෝ ධන සම්පත්වලින් අනුන්ට පිහිට වීම හා ඉන් මුහුණ දීමට සිදු වන දුක් කරදර ඉවසා දරා ගැනීම පරිත්‍යාගශීලීභාවයයි.


Popular Posts