Monday, April 20, 2020

කදීජා (රලි) තුමිය

පියා : කුවෙයිලිද් බින් අසද්
මව : ෆාතිමා බින්ත් සායිදා
උපන් වසර : ක්‍රි. ව. 556
සහෝදරියන් : හාලා බින්ත් කුවෙයිලිද්, රුකෙයියා බින්ත් කුවෙයිලිද්


ඉස්ලාමය පිළිගත් ප්‍රථම කාන්තාව යන ගරුත්වය හිමි කදීජා (රලි) තුමිය නබි (සල්) තුමාගේ ප්‍රථම භාර්යාව ද වේ. නබි (සල්) තුමාට අවුරුදු 25 දී එනම් කදීජා (රලි) තුමියට අවුරුදු 40 වන විට මෙම විවාහය සිදුවිය. මෙයට පෙර එතුමිය දෙවරක් විවාහ වී සැමියා අහිමි වැන්දඹුවක්ව සිටියාය. මුලින්ම අබූහාලා බින් සූරා ද ඉන්පසු අතීක් බින් ආයිදා නැමැත්තා සමග ද විවාහ වුවා ය. අබූහාලා ට දාව හාලා සහ හින්ද් නම් දරුවන් දෙදෙනෙක් ද අතීක් නමැත්තාට දාව හින්ද් නම් දරුවෙක් ද වැදුවාය. පසුව නබි (සල්) තුමාට හා කදීජා (රලි) තුමියට කාසිම්, අබ්දුල්ලාහ්, සෙයිනබ්, රුකෙයියා, උම්මු කුල්සුම්, ෆාතිමා ලෙසින් දරුවන් හය දෙනෙකු වූහ.


ජාහිලියියා යුගයේ ධනවත් ව්‍යාපාරිකාවක වූ කදීජා (රලි) තුමිය නබි (සල්) තුමාව සිය වෙළෙන්දකු ලෙස තෝරා ගත්තේ ය. එහිදී නබි තුමාගේ අවංකභාවය කෙරෙහි පැහැදුණු කදීජා (රලි) තුමිය නබි (සල්) තුමා සමග විවාහ විය.


එතුමියට අවුරුදු 55 දී ප්‍රථම වහි පහළ විය. එම සිදුවීමට බිය වූ නබි (සල්) තුමාට රැකවරණයක් වූයේ කදීජා (රලි) තුමිය යි. වරකා බින් නව්ෆල් නැමැත්තා හමු වී නබි (සල්) තුමාට සහනයක් ද සිය වචන වලින් නබි තුමාට අස්වැසිල්ලක් වූයේද එතුමිය යි. ඉස්ලාමය පිළිගත් පසු සිය කාලය, ශ්‍රමය මෙන්ම ධනයෙන් ද සේවය කළාය.


එතුමිය සමඟ ජීවත් වන කාලයේ නබි තුමා වෙනත් විවාහයක් කර ගත්තේ නැත. ෂිඃබු අබු තාලිබ් සිදු වීමෙන් පසුව නුබුව්වත් 10 වසරේදී එනම් ක්‍රි.ව. 621 දි සිය 65 වන වියේදී එතුමිය වෆාත් වුවාය. එම වසර ආමුල් හුස්න් හෙවත් ශෝක වසර ලෙසින් ද හැඳින්වේ.




No comments:

Post a Comment


Popular Posts