ඉස්ලාම් කාලයේ වැදගත්කම මැනවින් පෙන්වා දෙන ආගමයි. අල්කුර්ආනය හා සුන්නහ්ව නොයෙක් ආකාරයෙන් නොයෙක් අවස්ථාවන්වල දී කාලයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර ඇත.
අල්කුරආනයේ සූරා අසර් හී අල්ලාහ් කාලය මත දිව්රමින් කාලයේ වැදගත්කම අවධාරණය කරයි.
කියාමත් දා ඕනෑම
ප්‍රශ්න හතරකට පිළිතුරු දෙන තාක් උන් තැනින් සෙලවෙන්නට නොහැකිය. ඒවා නම්,
1. ස්වකීය ජීවිතය ගත කළේ කෙසේ
ද?
2. ස්වකීය තරුණ කාලය ගත කළේ
කෙසේ ද?
3. ස්වකීය ධනය කෙසේ රැස් කළේ
ද හා කෙසේ වැය කළේ ද?
4. තමන් ලද දැනුමෙන් කොතරම්
දුරට ක්‍රියාත්මක වුණේ ද? යන්නයි
මෙහි දී තරුණ කාලය
හා ජීවිතය වෙන වෙනම දක්වා තිබීම අවධානයට ලක් විය යුත්තකි.
ජීවිතය යනු මිනිසා, කාලය හා කරන සටනකි.
එය පරාජය වන්නා මෙලොව මෙන්ම පරලොව ජීවිතය ද විනාශ කර ගනී. එලෙසම පෞද්ගලික මෙන්ම සමාජීය
වශයෙන් ද පාඩු ලබයි.
ඊයෙ දිනයට වඩා
අද දිනය ඵලදායක විය යුතුය. අද දවසට වඩා හෙට දවස
ඵලදායක විය යුතුය යන චේතනාවෙන් අප සියලු දෙනා ක්‍රියා කල යුතුය.
"දිනක් උදා වී එදින මාගේ ක්‍රියාකාරකම් අතරින් සුළු තරමින් හෝ දියුණුවක් නැති තත්වය තුළ මාගෙ ආයුෂය අඩු වේ නම් ඒ වෙනුවෙන් දුක් වන තරමට වෙන කිසිම හේතුවකට දුක් නොවෙමි." ඉබ්නු මස්ඌද් (රළී) තුමා
කාලය කෙසේ බෙදා
ගත යුතුද යන්න නබි තුමා මෙසේ සඳහන් කරයි.
"නැණවත් පුද්ගලයෙකු කාලය කොටස් 4කට බෙද ගනී.
1 වන කොටස : සිය පරමාධිපති සමඟ සම්බන්ඳතා පවත්වයි.
2 වන කොටස : තමන් ගැන ස්වයං විමර්ශනයක යෙදෙයි.
3 වන කොටස : අල්ලාහ්ගේ මැවීම් ගැන සිත මෙහෙයවයි.
4 වන කොටස : සිය ජීවිතය පිණිස වන අවශ්‍යතා ඉටු කර ගනියි.”
අපගේ ඉබාදතයන්ද
අල්ලහ් තආලා කාලය මත පාදක කොට ඇත. පස්වේල් සලාතය
ඊට අදාළ වේලාවන්වලදීද, ෆර්ළ් වූ උපවාසය රමළාන් මාසයේද, හජ් වගකීම දුල්හජ්
මාසයේද නියම කර ඇත.
"හිරු බැස යන්නට තිබෙන මොහොතේ අසර් සලාතය ඉටු කරන්නන්ගේ නැමදුම් මුනාෆික්වරයෙකුගේ නැමදුම් වෙයි." (මුස්ලිම්)
දිවා කාලයේ අල්ලාහ් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් අල්ලාහ් රාත්‍රී කාලයේ අනුමත නොකරයි. එලෙසම රාත්‍රී කාලයේ තිබෙන වගකීම් අල්ලාහ් දිවා කාලයේ අනුමත නොකරයි."
උමර් (රළි) තුමා
කතෘ :- එම්. ෆස්ලාන් ෆාහිම්
No comments:
Post a Comment