උපවාසයේ පරිපූර්ණත්වය සදහා සකාත්හි අවශ්‍යතාවය
ඉස්ලාමීය රමළාන් මාසය තුළ උපවාසයේ සිටීමේ වැදගත්කම පිළිබඳ බොහෝ ලිපීන් හා ජාතික පුවත්පත්වල විශේෂාංග හෝ ආගමික තීරුවල සටහන් වී ඇතත්, උපවාසයේ අත්‍යවශ්‍ය අංගයක් වන සකාතුල් ෆිත්රා අංගය දීර්ඝ වශයෙන් සාකච්ඡා නොකෙරේ. ඇත්ත වශයෙන්ම, මෙම අත්‍යවශ්‍ය පුණ්‍ය කර්මය නිසියාකාරව ඉටු වූ විට උපවාසයේ සිටීම පරිපූර්ණ වේ. ඉස්ලාම් ආගම සෑම විටම ආර්ථිකය ඇතුළුව මිනිස් ජීවිතයේ සෑම අංශයක් ගැනම දැඩි උනන්දුවක් දක්වන බැවින් , මෙම ශුද්ධ වූ රමළාන් මාසයේ දී මෙම සදකතුල් ෆිත්රා ලබා දීමේ වැදගත්කම දැන ගැනීම යෝග්‍ය වේ. දෙවනුව, අද වන විට ලොව පුරා සහ විශේෂයෙන් දකුණු ආසියාව පුරා අහස උසට නැඟී ඇති ජීවන වියදම හේතුවෙන් දුප්පතාට සහනයක් වීම සදහා මෙම අත්‍යවශ්‍ය දානය නිවැරදි ආකාරයෙන් ලබා දීමට ඉස්ලාම් බල කරයි.
සකාතුල් ෆිත්රා යනු කුමක්ද?
එය රමළාන් මාසයේ දී මුස්ලිම්වරුන්ට අනිවාර්ය කරන ලද පුණ්‍ය කටයුත්තකි. එය සදකතුල් ෆිත්රා ලෙසද හැඳින්වේ. සදකා යන වචන සාමාන්‍යයෙන් පරිත්‍යාගයක් හෝ පුණ්‍ය කර්මයක් ලෙස සැලකේ. නමුත් සකාත් යන පදය අවධාරණය කරන්නේ එය සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය යුතුකමක් බවයි. එබැවින් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජීවත් වන මුස්ලිම්වරු මෙය උපවාසයේ සිටීම වැනි මහත් ක්‍රියාවක් ලෙස සැලකිය යුතුය.
මෙම අත්‍යවශ්‍ය දානය ලබා දීමේ අරමුණ :-
මෙම අනිවාර්ය යුතුකම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය කිරීමට ප්‍රධාන හේතු තුනක් තිබේ. පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, එය අර්බුද, දුෂ්කරතා සහ දුක්ගැනවිලි සහ උපවාසයේ සිටින මිනිසුන්ගේ දුෂ්කරතා වලින් මිදීමට. දෙවනුව, මෙම අත්‍යවශ්‍ය පුණ්‍ය ක්‍රියාව මුස්ලිම්වරයෙකුගේ උපවාසයට අවතීර්ණ වී ඇති අඩුපාඩු, දෝෂ, අතපසුවීම් ප්‍රතිස්ථාපනය කරයි. එබැවින් උපවාසයේ සිටින සෑම දිනකම පරිපූර්ණ හා දෝෂ රහිතව කටයුතු කිරීමට මෙම පුණ්‍යකර්මය සුළු ආකාරයකින් උපකාරී වන බව පැහැදිලිය. තුන්වන හේතුව වන්නේ දුප්පතුන්ගේ හා අසරණයන්ගේ කඳුළු පිස දැමීමයි. දුප්පත් ලෙස ජීවත්වන ජනතාවට සහ දුප්පත් නොවූවත් විශේෂ හේතුන් මත උපකාර අවශ්‍ය වන පුද්ගලයින්ට මෙලෙස උපකාර කිරීම සැබවින්ම මහත් මහගු ක්‍රියාවකි.
එබැවින් ඉස්ලාමය පරිපූර්ණ ආගමක් ලෙස බොහෝ දුරට අපේක්ෂා කරන්නේ දුප්පතුන්ගේ සහ අගහිඟකම් ඇති අයගේ ඉරණම වෙනස් කිරීම සඳහා මෙලෙස දායකත්වය ලබා දීමයි. සමහර මුස්ලිම්වරු විනාඩියකට මෙම පුණ්‍යකර්මය නොසලකා හැරිය හැකිය. සුළු දේවල් පරිපූර්ණත්වය නිර්මාණය කරන බව මතක තබා ගන්න. නමුත් පරිපූර්ණත්වය සුළුපටු නොවේ. මෙම සමාජයේ විශාල කොටසක් ආවරණය කරන මුස්ලිම් ප්‍රජාවේ දුප්පත් සාමාජිකයින්ට විශාල සහනයක් ලබා ගත හැකි අතර සකාතුල් ෆිත්රා හි මහත්වය පිළිබඳව ශුද්ධවූ අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ.
සෑම මුස්ලිම්වරයෙකුම සාමාන්‍යයෙන් රාමසාන් මාසය තුළ මෙම රාජකාරිය ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළද, වඩාත් සමීප විශ්ලේෂණයකින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ආදායම හෝ ආදායම සමඟ වියදම් පියවා ගත හැකි මුස්ලිම්වරුන් මෙම රාජකාරිය ඉටු කිරීමට පමණක් ඉල්ලා සිටින බවයි. එමනිසා, පවුලක වියදම ආදායමට වඩා වැඩි නම් ඔවුන්ට සදකතුල් ෆිත්රා ගෙවීමට අවශ්‍ය නොවන බව ඉතා පැහැදිලිය. එබැවින් පහළ පංතියේ මුස්ලිම් පවුල් මෙම අත්‍යවශ්‍ය පුණ්‍ය කටයුතු සිදු කිරීම සඳහා අන් අයගෙන් ණයට නොගත යුතුය. ඒ වෙනුවට ඔවුන් එය ලැබීමට සුදුස්සන්ය.
සදකතුල් ෆිත්රා ලෙස ලබා දිය හැක්කේ කුමක්ද?
ෂාෆි මද්හබය අනුගමනය කරන මුස්ලිම්වරුන්ට අදාළ රටේ ප්‍රධාන ආහාරයෙන් කොටසක් සදකතුල් ෆිත්රා ලෙස ලබා දිය යුතුය. සහල් යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන බැවින් මෙම යුතුකම ඉටු කිරීම සඳහා මුස්ලිම්වරු මෙම ධාන්‍ය තෝරා ගත යුතුය. පවුලක එක් පුද්ගලයකුට අදාළ සදකතුල් ෆිත්රා ප්‍රමාණය සහල් කිලෝග්‍රෑම් 2.25 කි. එබැවින් පවුලක සාමාජිකයන් 8 දෙනෙකු සිටී නම් සහල් කිලෝ දහඅටක් දුප්පතුන්ට හා අගහිඟකම් ඇති අයට ලබා දිය යුතුය. කෙසේ වෙතත්, උලමා වරුන් සහ මෞලවි වරුන්ගේ මතය කිලෝග්‍රෑම් 2.25 වෙනුවට කිලෝග්‍රෑම් 2.5ක් අල්ලාහ්ගේ පූර්ණ තෘප්තිය බලාපොරොත්තුවෙන් ලබා දිය යුතු බවයි. මාසයක් නිරාහාරව සිටින පුද්ගලයෙකු තම උපවාසය සම්පූර්ණ කිරීම සඳහා සහල් කිලෝ දෙකහමාරක් බෙදා දිය යුතුය. එබැවින් ඔහුගේ රැකවරණය ලබන සාමාජිකයින් අට දෙනෙකුගෙන් යුත් පවුලේ ප්‍රධානියා මෙම අත්‍යවශ්‍ය රාජකාරිය සඳහා හොඳ සහල් කිලෝග්‍රෑම් 20 ක් වැය කළ යුතුය.
උපවාසයේ සිටීම කුඩා ළමයින්ට අනිවාර්ය නොවන නමුත් රමළාන් මස අවසාන දිනයේ උපත ලැබූ ළදරුවෙකුට පවා ෆිත්රා අනිවාර්ය වේ. එබැවින් සර්වබලධාරී අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගැනීම සඳහා මුස්ලිම්වරු මෙම වගකීම මහත් ලෙස ගත යුතුය. වී ගොවිතැන් හිමි පුද්ගලයන් දුප්පතුන්ට සහ මෙම සදකාව ලබා ගැනීමට සුදුසුකම් ඇති අනෙකුත් කාණ්ඩ වලට දෙගුණයක ප්‍රමාණයක් සහල් ලබා දිය කළ හැකිය.
සදකතුල් ෆිත්රා ලබා දීම සඳහා සුදුසුම කාලය :-
මුස්ලිම්වරුන්ට උපවාස සමයේ ඕනෑම දිනක මෙය ලබා දිය හැක . කෙසේ වෙතත් මෙම අත්‍යවශ්‍ය පුණ්‍ය කටයුත්ත සඳහා සුදුසු කාල සීමාවක් තිබේ. මෙම කාලය ආරම්භ වන්නේ උපවාසයේ අවසාන දිනයේ නව සඳ හෝ චන්ද්‍රවංශය දකින විට ය. මෙම කාල පරිච්ඡේදය අවසාන් වන්නේ ඊද් සලාතයත් සමගය.
මේ සඳහා හොඳ හේතුවක් තිබේ. මෙම පැය කිහිපය තුළ ෆිත්රා ලබා දීමෙන් සෑම දුප්පත් මුස්ලිම් ගෙදරකම ලිප පත්තුවීමයි. එමගින් මුළු පවුලටම පරිපූර්ණ ආහාර වේලක් පිසීමේ දුර්ලභ අවස්ථාව ලබා දෙයි. එබැවින් උත්සව දිනය සෑම මුස්ලිම්වරයෙකුටම ප්‍රීතිමත් අවස්ථාවක් බවට පත්වේ. එබැවින් වැඩි කුසලතා ලබා ගැනීම සඳහා නියමිත වේලාවට ඔවුන්ගේ ෆිත්රා ලබා දීමට සැලසුම් කිරීමේ වගකීම මුස්ලිම්වරුන්ට ඇත
සදකතුල් ෆිත්රා ලබා දිය යුත්තේ කා හටද?
අවාසනාවකට මෙන්, අද ෆිත්රාව මුස්ලිම් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් සලකනු ලබන්නේ යාචකයින්ට සහල් පොදියක් ලබා දීමෙන් මෙම වගකීම ඉටු වන බවටයි. හිඟන්නන්ට උදව් කළ යුතු යැයි කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. නමුත් ඉස්ලාමය අපේක්ෂා කරන්නේ මේ සදහා සුදුසු කණ්ඩායම් අටට මෙම අත්‍යවශ්‍ය පුණ්‍ය ක්‍රියාව තුළින් ආහාර බෙදා දීමයි (මෙහි යාචකයන්ට ද ස්වයංක්‍රීයව ස්ථානයක් ලැබේ). සමහර නිරෝගිමත් යාචකයින් සංඛ්‍යාවක් වෘත්තියක් ලෙස හිඟමනේ යෙදෙන බැවින් සුදුසු කණ්ඩායම් අට හඳුනා ගැනීම සෑම මුස්ලිම්වරයෙකුගේම යුතුකමකි. එබැවින් වැරදි පුද්ගලයින්ට ආහාර බෙදා දීම ඉස්ලාමය අපේක්ෂා කළ පරිදි ආර්ථික විප්ලවයක් ඇති නොකරනු ඇත. සකාත් සහ සදකා පිළිබද වැරදි ආකල්පයන් ඉදිරිපත් කළ විට එය සමාජයේ ව්‍යාකූලත්වයක් ඇති කරයි.
ශුද්ධ වූ අල් කුර්ආනය මෙම පුණ්‍ය කර්මය ලබා ගැනීමට අවසර ඇති පුද්ගලයින් කණ්ඩායම් අට පැහැදිලිව සඳහන් කරයි. 9 වන සූරාවේ 60 වන අල් කුර්ආන් වැකියෙහි මෙසේ සඳහන් වේ.
“(සකාත් නමැති අනිවාර්ය වූ) දානය දිළින්දන්ට ද දුගියන්ට ද ඒ කාර්යය සම්බන්ධයෙන් කටයුතු කරන්නන්ටද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වුවන්ටද වහලුන් නිදහස් කිරීමේ දී ද ණය ගැතියන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි සිටින්නන්ටද මගියන්ට ද වේ. (මෙය) අල්ලාහ් නියම කළ වගකීම වේ. තවද අල්ලාහ් සර්වඥානීය අධික ඥානවන්තය.” [9 : 60]
අල්ලාහ්ගේ මෙම වචන වලට අනුව, ලැයිස්තුගත කළ පළමු කණ්ඩායම දුප්පතුන්ය. ඔවුන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ කොටස් දෙකක් ගනී. පළමු කණ්ඩායම ෆුකාරා (බහු) ලෙස හැඳින්වේ. ෆකීර් යනු ඔහුගේ හෝ ඇයගේ සාමාජිකයන්ගේ පැවැත්ම සඳහා ආදායමක් නොමැති පුද්ගලයෙකි. සැබෑ යාචකයින්ට නිසැකවම මෙම කණ්ඩායමේ ප්රමුඛ ස්ථානයක් හිමි වේ.
දෙවන කණ්ඩායම පළමු කණ්ඩායමට වඩා තරමක් හොඳ වුවත්, සරලවම ඔවුන්ගේ ආදායම පවුල පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවේ. තෙවන කණ්ඩායම වන්නේ මෙම පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය කටයුතු එකතු කිරීමට සම්බන්ධ පුද්ගලයින්ය. සාමාන්‍යයෙන් ඔවුන් වැඩ කරන්නේ මුස්ලිම් පල්ලි හෝ ඉස්ලාමීය සුභසාධක සමිති සඳහා වන අතර ඒවා දිළිඳුන්ගේ සහ සහාය නොදක්වන අයගේ කඳුළු වැගිරවීමට කැපවී සිටී.
රමළාන් මාසය තුළ පමණක් වැඩ කරන පුද්ගලයින් මෙම කණ්ඩායමට අයත් නොවන්නේය. ඒ සඳහා ඔවුන් සුදුසුකම් ලැබීමට නම් වසරක් පුරා එම කාර්යයේ නියැළී සිටිය යුතුය. එබැවින් මෙම කණ්ඩායමට ෆිත්රා ලබා දීමේදී මුස්ලිම්වරු ප්‍රවේශමෙන් තීරණය කළ යුතුය. එසේ නොමැතිනම් එකතු කරන්නන්ට එක රැයකින් පොහොසත් විය හැකිය (කෙටි කාලයක් තුළ). එය ඉස්ලාමයේ කිසි විටෙකත් ඉඩ නොදෙන නරක ආදර්ශයකි.
සිව්වන කණ්ඩායම ඉස්ලාමීය සමාජයේ වැදගත් කොටසකි. ඔවුන් “හැරෙන්නන්” හෝ “නව මුස්ලිම්වරු” ය. මෙම පුණ්‍යකර්මය සඳහා ඔවුන් ස්ථාවර වන තෙක් ඔවුන්ට දීම අනිවාර්ය කර ඇත. එබැවින් ඔවුන් ඉස්ලාමය සම්පූර්ණයෙන්ම පිළිපැදීමට වසර කිහිපයක් ගතවනු ඇත. එතෙක් මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ සදකතුල් ෆිත්රාව ලබා දිය යුතුය . කිසිදු ජීවන බරක් නොමැතිව සර්වබලධාරී අල්ලාහ්ගේ ඉස්ලාමය අනුගමනය කිරීමට අවශ්‍ය බැවින් කිසිම මුස්ලිම්වරයෙකු මෙම කණ්ඩායම අමතක නොකළ යුතුය.
පස්වන කණ්ඩායම අලුතින් නිදහස් වු වහලුන්ය. මේ යුගයේ ශ්‍රී ලංකාව වැනි රටවල නිදහස් වහලුන් දක්නට නොලැබෙන හෙයින්, ඔවුන්ගේ පුණ්‍ය කටයුතු සඳහා වෙනත් කණ්ඩායම් ගැන මුස්ලිම්වරුන්ට සිතිය හැකිය.
ඉස්ලාමය සැමවිටම කරදරයට පත්ව සිටින ජනතාවට සිය සහයෝගය ලබා දෙයි. හයවන කණ්ඩායම ලෙස ණය ගැතියන් වෙන් කර ඇත. මෙම අසරණ පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ තත්වය නොවෙනස්ව තබා ගැනීමට අවශ්‍ය බැවින් ඔවුන්ගේ ගැටළු කිසි විටෙකත් හෙළි නොකරති. එබැවින් මුස්ලිම්වරුන්ට මූල්‍ය අර්බුදයක සිටින එවැනි පුද්ගලයින්ට තම සදකතුල් ෆිත්රා ලබා දීම ගැන වැඩි අවධානයක් යොමු කළ හැකිය . කිසියම් ප්‍රදේශයක වෙසෙන මුස්ලිම්වරුන්ට ඔවුන් සමඟ ජීවත් වන එවැනි පුද්ගලයින් පහසුවෙන් හඳුනාගත හැකිය.
හත්වන කාණ්ඩය මඟීන් ය. දිගු සංචාරවල යෙදෙන පුද්ගලයින්ට විවිධ ගැටළු වලට මුහුණ දිය හැකිය. අපගේ සදකතුල් ෆිත්රාව ලබා දීමෙන් ඔවුන්ගේ ගැටළු මඟහරවා ගත හැකිය. එබැවින් ගාස්තු ගෙවන්නන්ටද සදකතුල් ෆිත්රා හි කොටස ලබා දිය යුතුය . අවසාන වශයෙන්, අල්ලාහ් වෙනුවෙන් කැපකිරීම් කරන පුද්ගලයින් මෙම පුණ්‍ය කටයුතු සඳහා ඇතුළත් වේ.
පුණ්‍ය කටයුතු කරන තැනැත්තාට කිසි විටෙකත් තම තනතුර හෝ ගෞරවය අහිමි නොවේ. අනන්‍යතාවය හඳුනාගත යුත්තේ ඔහුගේ වියදම් සඳහා වියදම් කිරීමට ආදායමක් ඇති සෙසු මුස්ලිම්වරුන් විසිනි. සදකතුල් ෆිතර් හිඟමනේ ක්‍රියාවක් නොවේ. ඉහත සඳහන් කළ වර්ග 8 දෙනා මුස්ලිම් නිවාසවල දොරකඩට නොයනු ඇත. එබැවින් එම කණ්ඩායම් හඳුනා ගැනීම අපගේ වගකීමකි. වැඩි වැඩියෙන් ආනිශංස ලබා ගැනීමට අපි වැඩි යමක් දෙමු.
මුල් ලිපිය - එන් යූ අබ්දුල් රසාක්
පරිවර්තනය - එම් එස් එම් සාජිඩ්
සැ.යු :
අද මෙන් දවස්වල (ඇදිරි නීති ක්‍රියාත්මක වීම හේතුවෙන්) බහුතරයක් පුද්ගලයින් උකස් මධ්‍යස්ථාන ඉදිරිපිට පෝළිමේ සිටිම බොහෝ සමාජ මාධ්‍ය තුළින් දැක ගත හැක. ඔවුන් ට උදව් කිරීමට අප කිසිසේත් අමතක කල නොකල යුතුයි.
තවද මෙවර අවුරුද්දට අලුත් ඇදුම් සදහා වැය කරන මුදල් අවම කර මෙවැනි පුද්ගලයන් සොයා ගොස් උදව් කිරීමට වග බලා ගත යුතුයි.
තවද රමළාන් මාසයේ නබි තුමාගේ එක් ප්‍රධාන සුන්නතයක් ද මා මතක් කරමි. එනම් නබි (සල්) තුමා වේගයෙන් හමන සුළගට වඩා වේගයෙන් දානමය කටයුතු වල නිරත වන්නේය.
Advertisement
No comments:
Post a Comment