හැඳින්වීම
ක්රි. ව. 4 වන සියවසේ දී එනම් පණ්ඩුකාභය රජුගේ කාලයේ අනුරාධපුරයට අරාබි වරු වෙළදාම සදහා පැමිණි බවත් අනුරාධපුරයේ අගනුවර බටහිර පෙදෙසෙහි කොටසක් වෙළඳ පිරිස සදහා වෙන් වූ බවත් මහාවංසයේ සඳහන් වේ.
ඉස්ලාමය හදුන්වා දුන් ක්රි. ව. 610 දශකයේදී ඉන්දියාව ප්රධාන කරගත් රටවල් කිහිපයක වෙරළ තීරයේ වෙළදාම සම්බන්ධයෙන් මූලික වශයෙන් අරාබි වරු කටයුතු කළහ.
නබි (සල්) තුමාගේ දූතයා
වශයෙන් චීනයට ගිය වහබ් ඉබ්නු හෆ්සා (රළි) තුමා ලංකාවටත් පැමිණි බව “අල්කියා අල්-බක්කාරි” ග්රන්ථය ඇසුරින් මුස්ලිම් නේෂන් පුවත්පත
පවසයි. කේරළ රජු ඉස්ලාමය පිළිගෙන මස්ජිදයන් ඉදි කළ බවත් ලංකාවේ සිටි අරාබිවරුන්ට ඉස්ලාමය
හදුන්වා හිජ්රි 10 එනම් ක්රි.ව.632 නැවත අරාබිය කරා ගිය බව
ද සදහන් කරයි.
නමුත් ඉස්ලාමය ලංකාවට හදුන්වා දෙනු ලැබුවේ උමර්(රලි) තුමාගේ කාළයේ බව ඉබ්නු ෂහ්රයාර් සිය “අජාඉබුල් හින්ද්” ග්රන්ථයේ සඳහන් කරයි.
III අග්රබෝධි රජු ඉස්ලාමය පිලිබදව දැන ගැනීම සඳහා යැවූ දූතයා පාකිස්තානයේ
මියැදුණු අතර ඔහුත් සමග ගිය පිරිස යළි ලංකාවට පැමිණ ඉස්ලාමය කියා දුන්හ.
James Tennant සිය “Ceylon”
ග්රන්ථයේ, ඉරාක ආණ්ඩුකාරවරයා වූ හජ්ජාජ්
ඉබ්නු යුසුෆ් ට බිය වූ හාෂීම් වරු පෙරදිගට පැමිණි බවත් එයින් පිරිසක් ත්රිකුණාමලය,
යාපනය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල
හා බේරුවල යන පෙදෙස් වල පදිංචි වූ බවත් සදහන් කරයි.
8 වන සියවසේ ලංකාව පාලනය කළ මානවම්ම රජු එකල ලංකාවේ විසූ අරාබි ජාතික වැන්දඹුවන්
හා තවත් කාන්තාවන් පිරිසක් යළි සිය දේශයට හරවා යැවූ බවත් මෙය උමෙයියා පාලක හජ්ජාජ්
සමග දේශීය සම්බන්ධතාවක් ඇති කර ගැනීමට ගත් ප්රයත්නයක් ලෙස හැඳින්විය හැකිය.
ඒ අනුව හිජ්රි 1 වන සියවස වන විටත් ඉස්ලාමය
ලංකාවේ දක්නට ලැබුණු බවත් සනාථ කල ගත හැකිය.
ඉස්ලාමය ලංකාවට හඳුන්වා දීම පිළිබඳව වූ ග්රන්ථ:-
· The Preaching of Islam – Sir Thomas Urnest
· Foreign Relations of the Prophet Mohamad – Hameedullah
· චීනයෙහි ඉස්ලාමය - Marshall Broomhall
· Muslims of Sri Lanka Avenues to Antiquity - ශ්රීමත් ගිරිබමුණ
· Futuh Al-Buldan – Al Baladhuri
No comments:
Post a Comment